මවක් දරුවකු පිළිසිඳ ගත් මොහොතේ පටන් දරුවා කෙරෙහි බොහෝ අවධානයෙන් ඒ වෙනුවෙන් කළ හැකි සියළුම වැඩකටයුතු නොපිරිහෙලා ඉටුකරයි. එහෙත් දරුවකු පිළිසිඳ ගැනීමටත් පෙර සිටම දරුවකු ගැන බලාපොරොත්තු වන සිහින මවන කාලයේම මේ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි.
නිරෝගි මාතෘත්වයක් කරා යන ගමන් මගෙ වඩාත්ම වැදගත් සංධිස්ථානය කුමක්ද කියා සැලකිලිමත් වුවහොත් එය ගර්භනීසමයට මාස 3 කට පෙර කාල සීමාව බව මා අවධාරණයෙන් පවසමි.
මෙයට හෙතුව කුමක්ද ?
නිරොගි දරු සම්පතක් හා ගර්භනී තාවයක් සැලසුම් කිරිමට අපි යොමු වීම මගින් බලාපොරොත්තු සහිත සහ අවදානම් රහිත ගමන් මගකින් පැහැදිලි ගමනාන්තයක් කරා යොමු වීමට ඔබටත් ඔබගේ වෛද්‍යවරයාටත් පහසුවෙන් හැකිවේ.
මව්වරුන්ගේ පෙර ගැබ් අවධිය සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන් මවුවරුන් කාණ්ඩ 3 කට බෙදා දැක්විය හැකියි.
1. ගර්භනීසමයට පෙර හා සම්පුර්ණ ගර්භනීසමය තුල සංකුලතා තොර මවිවරුන්.
2. ගර්භනීසමයට පෙර සංකුලතා වලින් තොර වුවත් ගර්භනීසමය තුල අලුතින් සංකුලතා හටගත් මවිවරුන්
3. ගර්භනීසමයට පෙර සිටම සංකුලතා හඳුනා ගත් මවිවරුන්
මෙම වර්ග තුනටම අදාළව ආහාර පුරුදු, දින චර්යාවේ වෙනස් වීම්, රැකියා තත්ත්වය ආශ්‍රිත සංකුලතා හා අවට පරිසරයෙන් ඇතිවන අවදානම් තත්ත්ව
පිලිබඳ පොදුවේ සැලකිලිමත් වීම වැදගත්.
විශේෂයෙන් ගර්භනී සමයට පෙර සංකූලතා සහිත මවක් උදාහරණ ලෙස අධිරුධිර පීඩනය, දියවැඩියාව, නීරක්තිය, මානසික ආභාධ, අධික ස්ථුල බව සහිත මව්වරුන් තම ගර්භනී තත්ත්වය සඳහා යාමට සුදුසු ත්වයක පසු වන්නේ දැයි කියා ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හා ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු හමුවී සාකච්ඡාකර තහවුරු කිරීම මගින් මවටත් දරුවාටත් විය හැකි අවදානම අවම කිරීමට හැකිය.
මෙහිදී අවදානම් තත්ත්වය පහවී ගර්භනී තත්ත්වයට සුදුසු තත්ත්වයක් ළඟා වනතුරු ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා මගින් නියම කරනු ලබන තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයකට යොමුවීම වැදගත් වේ.
දරු පිළිසිඳ ගැනීමකට සුදුසුම වයස සහ කාලය කුමක්ද ?
වයස අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩය දරුවකු බිහි කිරීමට සුදුසුම වයස ලෙස හැඳින්වේ. එම මෙම කාලසීමාව තුළ උපදින දරුවන් නිරෝගී හා නොනැසී ජීවත් වීමේ තත්ත්වයෙන් යුක්ත බව හෙළිවී තිබේ.
අවුරුදු 18කට අඩු තරුණියක් ගැබ් ගැනිම එතරම් හිතකර නොවේ. එයට හේතුව වයස අවුරුදු 18 වන විට කාන්තාවක් ශාරීරිකව සහ මානසිකව වර්ධනය වී නැති නිසාවෙන්. එමෙන්ම මෙම අඩුවයසේදී ගර්භනී සමයේදී සහ දරු ප්‍රසුතියේදී සංකූලතා හට ගැනීමට වැඩි අවදානමක් පවතියි. අඩු වයස් කාණ්ඩයට අයත් මවුවරුන්ගේ දරුවන් ප්‍රමාණයෙන් කුඩා වන අතර එම දරුවන්ට සංකූලතා ඇති වීමට වැඩි ඉඩකඩක් ඇත. යොවුන් වියේ පසුවෙන මව්වරු තවම වැඩෙන අවධියේ පසු වෙති මේ කාල සීමාව තුල ඔවුන්ගේ ශක්තිය ඉන්ද්‍රිය පද්ධති වල ක්‍රියාකාරිත්වය හා ශක්තිය වර්ධනය කිරීම කෙරෙහි යොමු කරයි. ළදරුවෙකුගේ වර්ධනය සඳහා වන අමතර ඉල්ලුම ඔවුනට අභියෝගයක් වනු ඇත.
එමෙන්ම අවුරුදු 35ට වඩා වැඩි කාන්තාවන්ට ද ගැබ් ගැනීම නිසා ගර්භනී සමයේදී ඇති වන දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි සංකූලතා ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වේ. එමෙන්ම වයස අවුරුදු 35ට වැඩි මවුවරුන්ට සහජයෙන්ම ඇති වන විෂමතාවලින් යුත් බිළිඳුන් බිහි කිරීමට වැඩි අවකාශයක් ඇත. මෙයට හොඳම උදාහරණය නම් ඩවුන්ස් සහලක්ෂණය ( downs syndrome ) නම් තත්ත්වය වයස අවුරුදු 35ට වැඩි මව්වරුන් දරුවන් බිහි කිරීමේ අවස්ථාව සියයට 2%ක් වන අතර වයස අවුරුදු 25ට අඩු මවුවරුන්ගේ එම අවස්ථාව 1% කි.
මවගේ වයස වැඩිවන විට දරුවා ගොදුරු වන මීට සමාන රෝග ගණනාවක්ම තිබේ. වයස අවුරුදු 20 හා 30 අතර කාලයේදී විවාහ වීම සුදුසු යයි පවසන්නේ එමගින් නිරෝගී දරුවෙක් බිහිකිරීමට වැඩි ඉඩකඩක් ඇති හෙයිනි.
දරුවකු හදා ගැනීමට ලිංගිකව එක්වීමට සුදුසුම කාලය කුමක්ද ?
ඔබ නිරෝගී නම් දරු පිළිසිඳ ගැනීමකට උත්සාහ කළ හැක. ඔබේ ඔසප් චක්‍රය සිදුවන දින ගණන සහ අවසානයට ඔසප් වීම ආරම්භ වූ දිනය දන්නේ නම් ඩිම්බයක් මෝචනය වන දිනය දළ වශයෙන් අනුමාන කරන්න පුළුවන්. එමගින් ඔබේ සරු කාලය ගණනය කර එම කාලය තුළ ලිංගිකව එක්වීමෙන් දරු පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව වැඩිවේ.