සැත්කම් සඳහා උදරය විවෘත කර ගත් කාලය අවසන් !


නාරිවේදි සැත්කම් දැන් නවීන තාක්ෂණය යොදා ගනිමින් ලැපරස්කොපික් ( laparoscopic) හෙවත් යතුරු සිදුරු සැත්කම් ක්‍රමය දැන් ලංකාවේ ඉතා සාර්ථකව සිදු කරයි. මෙහිදී සිදුකරන්නේ විශාල කැපුමක් උදරයේ ඇති නොකර සෙන්ටි මීටර් 2ක් පමණ කුඩා කැපුමක් ඇතිකර  කැමරාවක් සහිත ශල්‍ය උපකරණයක්  උදරයට  ඇතුළු කිරීමෙන් සැත්කම සිදු කිරීමයි.

ලැපරස්කොපික් උපකරණය සිහින් බටයක් තුළ ඇති අණ්වික්ෂයක් වැනි උපකරණයකි.  මෙමඟින් සිරුරේ ඇතුළත  ඉතා පැහැදිලිව නිරීක්ෂණය කිරීමට ඔබේ වෛද්‍යවරයාට හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම රෝග විනිශ්චය කිරීම සඳහා මෙම ක්‍රමය ඉතා සාර්ථකව යොදාගත හැකි අතර ස්කෑන් පරීක්ෂණ මගින් සොයාගත නොහැකි මට්ටමේ රෝග ද මෙමගින් සොයාගන්න පුළුවන්.


Enlarged view
tumy pain

ලැපරස්කොපික් පරීක්ෂණයෙන් සොයා ගත හැකි රෝගී තත්ත්වයන් මොනවාද ?

1. එන්ඩොමෙට්‍රියෝසිස් (endometriosis ) තත්ත්වය
2. ෆයිබ්‍රොයිඩ් (fibroid ) ගෙඩි
3. ඩිම්බ කෝෂයේ (ovarian cyst ) ගෙඩි
4. ගර්භාෂයෙන් පිටත පිළිසිඳ ගැනීම් (ectopic pregnancy )
5. යටිබඩේ ඇතිවන ආසාදන සහ සැරව පිරුණු තත්ත්වයක්
6. පිළිකාවන් සොයාගැනීමට

එමෙන්ම සැත්කම් කිරීමට මෙම කැමරාව මගින් සිරුරේ ඇති ඉන්ද්‍රිය විශාල කර නිරීක්ෂණය කරමින් සහ තවත් සැත්කම් කිරීමට අවශ්‍ය ඉතා සිහින් උපකරණයක් මඟින් සාර්ථකව සැත්කම් රාශියක් සිදු කළ හැකියි.


Laparoscopy


Technology and surgical skill gives you the best of care.

Key hole surgery

Laparoscopic Procediure

Key hole surgery

මෙම ක්‍රමයට සිදුකළ හැකි නාරිවේදි සැත්කම් මොනවාද ?


1. ඩිම්බකෝෂය ඇතිවන ගෙඩි ඉවත් කිරීම
2. LRT හෙවත් ඩිම්බ නාල කපා ඉවත්කරන උපත් පාලන ක්‍රම සිදුකිරීම
3. ගර්භාෂය ඉවත් කිරීමේ සැත්කම. විශේෂයෙන්ම ලැපරස්කොපික් සැත්කම් ක්‍රමය නොතිබුණ අවධියේ එම සැත්කම සිදු කරනුයේ ඔබේ උදරයේ විශාල කැපුමක්  (30CM) ඇති කිරීමෙන්.  එය ඉතා වේදනාකාරී වන අතර තුවාල සුව වීමට දිගු කාලයක් ගතවේ. එහෙත් ලැපරස්කොපික් ක්‍රමයෙන් සෙන්ටි මීටර් දෙකක් (2cm) පමණ කුඩා  කැපුමක්  මගින් ගර්භාෂය ඉවත් කළ හැකිය.
4. ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඉවත් කිරීම
5. එන්ඩොමෙට්‍රියෝසිස් නමැති රෝගී තත්ත්වයේ දී එම අස්වාභාවික පටක ඉවත් කිරීමට
6. බඩවැල්වල ඇති ඇලීම් ඉවත් කිරීම
7. දරුවන් නොමැති අයට ඇතිවන පොලිසිස්ටික් ඔවෙරියන් රෝගය ( polycystic ovarian disease) නමැති රෝගී තත්ත්වයේදී ඩිම්බ ඩිම්බ කෝෂයට ප්‍රතිකාර සිදුකර  ඩිම්බ මෝචනය ඇති කිරීම.
8. ගර්භාෂය පහළට ඒම වැලැක්වීමට සිදුකරන සැත්කම්


in Kandy

Meet the best team

in Kandy

මෙම සැත්කම සිදුකිරීමට සිහි නැති කළ යුතුද ?


මෙම සැත්කම නිර්වින්දනය කර ඉතා ආරක්ෂා සහිතව සිදු කරයි.  එම නිසා පැය හයක් ආහාර ව සිටිය යුතු අතර සැත්කම සිදුකර පසුවදාම හෝ ඇතැම්විට එදිනම ගෙදර යෑමට පවා පුළුවන්.  මෙයට හේතුව නම් සිරුරේ ඇතිකරන කැපුම් ඉතාම  අඩු ප්‍රමාණයක් වීම නිසා රෝගියාට සැත්කමෙන් පසු ඇතිවන කුඩා වේදනාව නැති කිරීමට සරල වේදනා නාශක මගින් හැකි වීමයි.  

පැරණි ක්‍රමයට මෙවැනි සැත්කම් සිදුකරන  විට ගෙදර යාමට දින තුන හතරක් ඇතැම් විට සතියක් පමණ ගත වීමටත් පුළුවන්. එමනිසා කාර්ය බහුල ජීවිතයක් ගත කරන බොහෝදෙනාට සති ගණන් රෝහලේ නැවතී සිටීමට අපහසුව අතර  ඉක්මන් සුවයක් ලැබීම සැමගේ  ප්‍රාර්ථනයයි. තවද පැරණි ක්‍රමයේදී යොදන කැපුම විශාල නිසා සහ සිරුරේ පටක විශාල ලෙස කැපීමට සිදුවන නිසා ඇතිවන වේදනාව දීර්ඝ කාලීන වේදනාවක් බවට පත්වන අවස්ථා ද දැකිය හැකියි.  


Less pain

best solution

It is cost effective

best solution

නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයෙකු ලැපරස්කොපික් සැත්කම සිදුකරන්න හේතු වන්නේ කුමන කාරණා ද?


මා කලින් පැවසූ පරිදි ලැපරස්කොපික් ක්‍රමය රෝග විනිශ්චයට සහ ප්‍රතිකාර ලබා දීම යන කාරණා දෙකේදී ම යොදා ගත හැකියි. රෝග විනිශ්චය කරන අතරතුර ඇතැම්විට අවශ්‍ය නම් ප්‍රතිකාර ලබා දීම සඳහාද මෙය යොදා ගත හැකියි.
1. හේතුවක් නොමැතිව ඇතිවන යටි බඩේ වේදනාව,  
2. හේතුවක් සොයාගත නොහැකි වඳ භාවය,
3. කලින් ඇතිවුණු යටි බඩේ ආසාදන වලදී ලැපරස්කොපික් සැත්කම් සිදු කරයි.


Sri Lanka

Available in Kandy

Sri Lanka

ලංකාවේ මෙම සැත්කම් සිදුකිරීමට අවශ්‍ය පහසුකම් තිබේ ද ?


සෑම ප්‍රධාන රෝහලකම පාහේ  මෙම උපකරණ තිබුනත් ඒ පිලිබඳ දක්ෂතා තිබෙන විශේෂඥ්‍ය වෛද්‍යවරුන් සිටින්නේ අත ලොස්සකි. දියුණු රටවල බොහෝ කාලයක් පටන් ලැපරස්කොපික් සැත්කම් සිදුකරන අතර එම රටවල රෝගීන් දැනුවත් භාවයෙන් වැඩිනිසා තමාගේ සැත්කම ලැපරස්කොපික් ක්‍රමයට සිදු කරන මෙන් වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියි. අප රටේද රෝගීන්ට එම අයිතිය ඇති අතර එමනිසා තමාගේ සැත්කම ලැපරස්කොපික් ක්‍රමයට කරන වෛද්‍යවරයෙකුට යොමුකරන මෙන් ඉල්ලා සිටීමට රෝගීන්ට අයිතියක් ඇත.


your right
experience matters

ලැපරස්කොපික් සැත්කම්  සිදුකරන විට අතුරු ආබාධ ඇතිවිය හැකිද ?

සාමාන්‍යයෙන් සැත්කමක් සිදුකරන විට ඇතිවන ලේ වහනය වීම් මෙහිදී ද ඇතිවිය හැකි  හැකියි. කෙසේවෙතත් ලේ වහනය අනික් සැත්කම්වලදී ට වඩා ඉතා අඩු අතර විෂබීජ ඇතුල් වී ආසාදනය ඇතිවීම ද අනෙකුත් සත්කම් වල දී ට  වඩා අඩු වන්නේ සිරුර යොදන කැපුම් ඉතාම කුඩා වීම  නිසා විෂබීජ ඇතුල් වන ස්ථානයද කුඩා වීමයි.
ඇතැම් විට සිරුරේ අනිකුත් ඉන්ද්‍රියන්ට හානි සිදුවීමට ඉඩකඩක් මෙහි දී තිබෙනවා.  එහෙත් මෙවැනි සැත්කම් පළපුරුදු විශේෂඥ වෛද්‍යවරයකු සිදුකරන විට  මෙවැනි අතුරු ආබාධ සිදුවීම ඉතා අවමයි.