ගැබ් ගැනීම මාස 3කට ප්‍රථම සැලසුම් කල යුතුයි 

 
මවක් දරුවකු පිළිසිඳ ගත් මොහොතේ පටන් දරුවා කෙරෙහි බොහෝ අවධානයෙන් වෙනුවෙන් කළ හැකි සියළුම වැඩකටයුතු නොපිරිහෙලා ඉටුකරයි. එහෙත් දරුවකු පිළිසිඳ ගැනීමටත් පෙර සිටම දරුවකු ගැන බලාපොරොත්තු වන සිහින මවන කාලයේම මේ පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි.
නිරෝගි මාතෘත්වයක් කරා යන ගමන් මගෙ වඩාත්ම වැදගත් සංධිස්ථානය කුමක්ද කියා සැලකිලිමත් වුවහොත් එය ගර්භනීසමයට  මාස 3 කට පෙර කාල සීමාව  බව මා අවධාරණයෙන් පවසමි.
Doctor

මෙයට හෙතුව කුමක්ද ?

නිරොගි දරු සම්පතක් හා ගර්භනී තාවයක් සැලසුම් කිරිමට අපි යොමු වීම මගින් බලාපොරොත්තු සහිත සහ අවදානම් රහිත ගමන් මගකින් පැහැදිලි ගමනාන්තයක් කරා යොමු වීමට ඔබටත් ඔබගේ වෛද්‍යවරයාටත් පහසුවෙන් හැකිවේ.
මව්වරුන්ගේ පෙර ගැබ් අවධිය සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන්  මවුවරුන් කාණ්ඩ 3 කට බෙදා දැක්විය හැකියි.
1. ගර්භනීසමයට පෙර හා සම්පුර්ණ ගර්භනීසමය තුල සංකුලතා තොර මවිවරුන්.
2. ගර්භනීසමයට පෙර සංකුලතා වලින් තොර වුවත් ගර්භනීසමය තුල අලුතින් සංකුලතා හටගත් මවිවරුන්
3. ගර්භනීසමයට පෙර සිටම සංකුලතා හඳුනා ගත් මවිවරුන්
 
මෙම  වර්ග තුනටම අදාළව ආහාර පුරුදු, දින චර්යාවේ වෙනස් වීම්, රැකියා තත්ත්වය ආශ්‍රිත සංකුලතා හා අවට පරිසරයෙන් ඇතිවන අවදානම් තත්ත්ව 
පිලිබඳ පොදුවේ සැලකිලිමත් වීම වැදගත්
 
විශේෂයෙන් ගර්භනී සමයට පෙර සංකූලතා සහිත මවක් උදාහරණ ලෙස අධිරුධිර පීඩනය, දියවැඩියාව, නීරක්තිය, මානසික ආභාධ, අධික ස්ථුල බව සහිත මව්වරුන් තම ගර්භනී තත්ත්වය සඳහා යාමට සුදුසු ත්වයක පසු වන්නේ දැයි කියා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු හා ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකු හමුවී සාකච්ඡාකර තහවුරු කිරීම මගින් මවටත් දරුවාටත් විය හැකි අවදානම අවම කිරීමට හැකිය.
මෙහිදී අවදානම් තත්ත්වය පහවී ගර්භනී තත්ත්වයට සුදුසු තත්ත්වයක් ළඟා වනතුරු ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයා මගින් නියම කරනු ලබන තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයකට යොමුවීම වැදගත් වේ.
Pregnancy

දරුවකු හදා ගැනීමට ලිංගිකව එක්වීමට සුදුසුම කාලය කුමක්ද ?

 
ඔබ නිරෝගී නම් දරු පිළිසිඳ ගැනීමකට උත්සාහ කළ හැක. ඔබේ ඔසප් චක්‍රය සිදුවන දින ගණන සහ අවසානයට ඔසප් වීම ආරම්භ වූ දිනය දන්නේ නම් ඩිම්බයක් මෝචනය වන දිනය දළ වශයෙන් අනුමාන කරන්න පුළුවන්. එමගින් ඔබේ සරු කාලය ගණනය කර එම කාලය තුළ ලිංගිකව එක්වීමෙන් දරු පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව වැඩිවේ.
 
 
young

දරු පිළිසිඳ ගැනීමකට සුදුසුම වයස සහ කාලය කුමක්ද ?

 
වයස අවුරුදු 20 – 30 අතර වයස් කාණ්ඩය දරුවකු බිහි කිරීමට සුදුසුම වයස ලෙස හැඳින්වේ. එම මෙම කාලසීමාව තුළ උපදින දරුවන් නිරෝගී හා නොනැසී ජීවත් වීමේ තත්ත්වයෙන් යුක්ත බව හෙළිවී තිබේ.
 
අවුරුදු 18කට අඩු තරුණියක් ගැබ් ගැනිම එතරම් හිතකර නොවේ. එයට හේතුව වයස අවුරුදු 18 වන විට කාන්තාවක් ශාරීරිකව සහ මානසිකව වර්ධනය වී නැති නිසාවෙන්. එමෙන්ම මෙම අඩුවයසේදී ගර්භනී සමයේදී සහ දරු ප්‍රසුතියේදී සංකූලතා හට ගැනීමට වැඩි අවදානමක් පවතියි. අඩු වයස් කාණ්ඩයට අයත් මවුවරුන්ගේ දරුවන් ප්‍රමාණයෙන් කුඩා වන අතර එම දරුවන්ට සංකූලතා ඇති වීමට වැඩි ඉඩකඩක් ඇත. යොවුන් වියේ පසුවෙන මව්වරු තවම වැඩෙන අවධියේ පසු වෙති මේ කාල සීමාව තුල ඔවුන්ගේ ශක්තිය ඉන්ද්‍රිය පද්ධති වල ක්‍රියාකාරිත්වය හා ශක්තිය වර්ධනය කිරීම කෙරෙහි යොමු කරයි. ළදරුවෙකුගේ වර්ධනය  සඳහා වන අමතර ඉල්ලුම ඔවුනට අභියෝගයක් වනු ඇත.
 
එමෙන්ම අවුරුදු 35 වඩා වැඩි කාන්තාවන්ට ගැබ් ගැනීම නිසා ගර්භනී සමයේදී ඇති වන දියවැඩියාව, අධික රුධිර පීඩනය වැනි සංකූලතා ඇතිවීමේ වැඩි ප්‍රවණතාවක් ඇති වේ. එමෙන්ම වයස අවුරුදු 35 වැඩි මවුවරුන්ට සහජයෙන්ම ඇති වන විෂමතාවලින් යුත් බිළිඳුන් බිහි කිරීමට වැඩි අවකාශයක් ඇත. මෙයට හොඳම උදාහරණය නම් ඩවුන්ස් සහලක්ෂණය ( downs syndrome ) නම් තත්ත්වය වයස අවුරුදු 35 වැඩි මව්වරුන් දරුවන්  බිහි කිරීමේ අවස්ථාව සියයට 2%ක්  වන අතර වයස අවුරුදු 25 අඩු මවුවරුන්ගේ එම අවස්ථාව 1% කි.
මවගේ වයස වැඩිවන විට දරුවා ගොදුරු වන මීට සමාන රෝග ගණනාවක්ම තිබේ. වයස අවුරුදු 20 හා 30 අතර කාලයේදී විවාහ වීම සුදුසු යයි පවසන්නේ එමගින්  නිරෝගී දරුවෙක් බිහිකිරීමට වැඩි ඉඩකඩක් ඇති හෙයිනි.
 
Pregnancy

සැලසුම්සහගත පිළිසිඳ ගැනීම වඩාත් යෝග්‍ය වන්නේ ඇයි ?

 
එවිට නිරෝගී දරුවකු කුස තුළ පිළිසිඳ ගැනීමට වැඩි අවකාශයක් ලැබෙනු ඇත. මෙහිදී අතුරු ආබාධ රහිත අවයව නිරෝගීව සෑදී ඇති දරුවකු බිහිවෙයි
 
folic acid

පිළිසිඳ ගැනීම සැලසුම් කරන්නේ කෙසේද ?

ඔබගේ ශරීරයේ බර නිවැරදියි ස්කන්ධ දර්ශකය BMI (Body Mass Index ) = බර (Kg ) /උස වර්ග සෙන්ටිමීටර් වලින් ( cm2) තබාගත යුතුයි. එනම් ගැහැණු අයට BMI 18.5 – 23 අතර. සිරුරේ බර වැඩි නම් ඩිම්බ මෝචනය ප්‍රමාද විය හැකියි. එමෙන්ම බර අඩු කාන්තාවන්ට ගැබ් ගැනීම ප්‍රමාද වීමට පුළුවන.
දුම්පානය සහ මත්පැන් පානය මඳසරුභාවය ඇති කිරීමට බලපායි. එමෙන්ම ගබ්සාවීම් ඇතිවීමට වැඩි අවධානමක් ඇති කරයි. ඔබ සක්‍රිය හෝ අක්‍රිය දුම්පානය සහ මත්පැන් භාවිතය කරන්නේ නම් වහා එය නවතා දැමිය යුතුයි.
ඔබ ගැබ් ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් කලින් සැකසු ආහාර (Processed food ) හා ක්ෂණික ආහාර (Instant food ) ගැනීම සීමා කිරීම වඩාත් යෝග්‍යයයි. එමෙන්ම ඔබගේ ආහාර වේලට අලුත් එළවළු, පලතුරු, පලා වර්ග, මාළු, නිවුඩ්ඩ සහිත සහල් සහ මේදය රහිත මස් ආහාරයට ගැනීම යෝග්‍යයි. එවිට ගර්භනී සමයේ දියවැඩියාව සහ අධික රුධිර පීඩනය වැළදීමට ඇති අවදානම පහත දමයි. ඇතැම්විට ෆෝලික් අම්ලය  (folic acid) නැමැති විටමින් පෙති ගැබ් ගැනීමට මාස තුනකට පෙර ප්‍රථම ලබාගැනීම මගින් කළලයට සිදුවන හානි වළක්වාලයි.
උදාහරණයක් ලෙසට නම් ෆෝලික් ඇසිඩ් ඌනතාවයක්  ඇති ගර්භණි මව ෆෝලික් අම්ලය නොගෙන තිබුනොත් ලැබෙන්නට සිටින දරුවාගේ පිටකොන්දේ යම් අඩුපාඩු සහිත තත්ත්වය සහ මොළයේ වතුර එකතු වීමක් හේතුකොටගෙන බුද්ධියට බලපෑමක් ඇති වේ. එවැනි දරුවන්ගේ ජීවිත අවදානම වැඩි .
 
දරු උපතකට පෙර හොඳ සූදානමක් නොවීමෙන් පසු කාලීනව එම දරුවා පිළිබඳව වැඩීමේ ඌනතා, කථා කිරීමේ අපහසුතා, විවිධ කාර්ය වලට  යොමුකිරීමට නොහැකිවීම, ඉගෙනුමට එතරම් කැමැත්තක් නොමැතිවීම වැනි ගති ලක්ෂණ මතුවිය හැකියි
 
 
fertile

දරුවකු හදා ගැනීමට ලිංගිකව එක්වීමට සුදුසුම කාලය කුමක්ද ?

 
ඔබ නිරෝගී නම් දරු පිළිසිඳ ගැනීමකට උත්සාහ කළ හැක. ඔබේ ඔසප් චක්‍රය සිදුවන දින ගණන සහ අවසානයට ඔසප් වීම ආරම්භ වූ දිනය දන්නේ නම් ඩිම්බයක් මෝචනය වන දිනය දළ වශයෙන් අනුමාන කරන්න පුළුවන්. එමගින් ඔබේ සරු කාලය ගණනය කර එම කාලය තුළ ලිංගිකව එක්වීමෙන් දරු පිළිසිඳ ගැනීමකට ඇති හැකියාව වැඩිවේ.
 
 
rubella virus

 

 
මේ සඳහා මවුපියන් ගේ මානසික මට්ටම, චර්යා රටා, ආර්ථික තත්ත්වය, අක්‍රමවත් ආහාර රටා, අහිතකර පාරිසරික ස්වභාවය වැනි කරුණු නිසා මෙවැනි කරුණු උපදින දරුවාට බලපාන පෙර සිටම දැනුවත් වීම වඩාත් සුදුසුය.
 
විශේෂයෙන්ම මවකට දරු සිව් දරු පිලිසිදගැනීම් පෙර තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිබඳ පරීක්ෂා කරවා ගැනීම වැදගත් වෙනවා. නිරෝගීමත් දරුවකු බිහිකිරීමට තයිරොයිඩ් හෝමෝන ඉතා වැදගත් වෙනවා. මෙම හෝමෝන මට්ටම අඩු නම් දරුවාගේ මොළයේ වර්ධනයට අහිතකර ලෙස බලපායි.
එමනිසා පිලිසිඳ ගැනීමට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ගැනීම වැදගත්
 
රුබෙල්ලා නැමැති වෛරසය ගැබිනි වියේදී මවට වැළඳුනහොත් මවගේ කුසේ ඇති කළලයට හානි ගෙන දෙයි. එම නිසා තරුණ වියේදී රුබෙල්ලා ( rubella) එන්නත සෑම මවක්ම ලබාගත යුතුයි.
 
එමෙන්ම ඔබේ දරුවාට උපත් දෝෂ වලට මග සැලසිය හැකි බැවින් සුරතල් සතුන් ඇසුරෙන් ඈත් වෙන්න.