Pregnancy test

Pregnancy test

ගැබ් ගත්තාදැයි ඉක්මනට ම දැනගන්නේ කොහොම ද ?

ගෙදරදී ගැබ් පරීක්ෂාව සිදු කිරීම තරමක ආතතියට තුඩුදිය හැකි හේතුවකි. විශේෂයෙන්ම ගැබ් ගෙන ඇත්දැයි කරන ුත්‍රා පරීක්ෂාව පිළිබඳ  සැකයක් ඇති විට.  එම නිසා මෙම පරීක්ෂාව පිළිබඳ දැනුවත්වීම වැදගත්. එමෙන්ම එමගින් මෙහි ඇති සැබෑ තොරතුරු දැනගැනීමෙන් ඔබ තුළ ඇති සැක සහ බිය නැතිවී යයි.

Read

What is the best method ? 

Up to date

Quickest

ගැබ් පරීක්ෂාව කළ යුත්තේ කවදාද ?

 

ගැබ් ගැනීම පරීක්ෂා කිරීම සඳහා දැනට වෙළඳපොලේ ඉතා සංවේදීයි මුත්‍රා පරීක්ෂණ පටි (Pregnacy strips) තිබේ. මේවා රුපියල් තිහක් වැනි අඩු මුදලකට ඕනෑම ෆාමසියකින් මිලදී ගත හැකියි. මෙම පරීක්ෂා මාස් ශුද්ධිය නැවතී පළවෙනි දෙවැනි දිනය වන විට ගැබ් ගෙන ඇත්දැයි දැන ගැනීමට තරම් සංවේදී භාවයකින් යුක්තයි.

මෙහිදී සංසේචනය වූ ඩිම්බය කලලයක් ලෙස ගර්භාෂයේ ඇතුළු බිත්තියේ තැන්පත් වූ පසු වැදෑමහ නැමැති කළලයට පෝෂණය ලබාදෙන අවයව කොටස සෑදේ.  මෙම වැදැමහ මගින් hCG ( human chorionic gonadotropin)  නැමැති හෝමෝනය  නිපදවීම නිපදවීම ආරම්භ වන්නේ මෙම අවස්ථාවේදීමයි. එසේ නිපදවන එච්. සී. ජී රුධිරයට කොස් ගොස් මුත්‍රා මගින් සිරුරෙන් පිටවීම සිදුවේ.  මුත්‍රා පරීක්ෂණය මගින් මෙසේ පිටවන hCG ඇතිදැයි සොයා ගත හැක.

එම නිසා එච්. සී. ජී හෝමෝනය නිපදවීම ආරම්භ වූ පසු දිනපතා වැඩි වැඩියෙන් නිපදවයි.  එම නිසා මාසික ඔසප් වීම නැවතී සතියකට පසු මුත්‍රා පරීක්ෂණය සිදු කල  විට එච්. සී. ජී හෝමෝනය වැඩි සාන්ද්‍රනයකින් මුත්‍රා වල ඇති නිසා අනිවාර්යයෙන්ම මුත්‍රා පරීක්ෂණය මගින් ගැබ් ගෙන දැයි දැනගත හැක.

ඔසප් වීම නැවතී දින තුන හතරක් ගත වූ පසු මුත්‍රා පරීක්ෂණය  සිදුකිරීමෙන් ගැබ්ගෙන දැයි දැනගැනීමට තරම් සංවේදී පරීක්ෂණ පටි දැනට වෙළද පොලේ තිබේ. ඔබගේ  මුත්‍රා පරීක්ෂණය  මගින්  ගැබ්ගෙන ඇතැයි තහවුරු කළහොත් ඔබගේ ළදරු කලලයේ දැන් වයස සති දෙකක් පමණ වේ.

ගෙදරදි කරන මුත්‍රා පරීක්ෂණය කොතරම්දුරට  විශ්වාස කළ හැකිද ?

 

99% මෙම පරීක්ෂණ සාර්ථකත්වයක් දැකිය හැකිය. කෙසේවෙතත් මෙම පරීක්ෂණය ඔසප්වීම නැවතී දින තුන හතරක් පමණ ගතවී සිදු කළොත් එහි සාර්ථක භාවය වැඩියි.  කෙසේවෙතත් පරීක්ෂණය වාර්තාව ඔබ ගැබ් ගෙන නැතැයි තීරණය කළහොත් නැවත පරීක්ෂණය සිදු කිරීම දින තුන හතරකට පසුව සිදු කළ හැකියි.  එසේ නොමැති නම් වෛද්‍යවරයෙකු හමුවීම යෝග්‍යයි.

  • දැනට ලබාගන්නා බෙහෙත් නිසා පරීක්ෂණ වාර්තාව වෙනස් විය හැකිද ?

 

එච්. සී. ජී හෝමෝනය  අඩංගු ඇතැම් ඖෂධ දරු උපත් පමා අයට වෛද්‍යවරුන් නිර්දේශ කර ඔබ ලබා ගන්නා විට මුත්‍රා පරීක්ෂණ වාර්තා වෙනස් විය හැක. එහෙත් ප්‍රතිජීවක ඖෂධ සහ උපත් පාලන පෙති වලින් පරීක්ෂණ වාර්තාවට බාධාවක් නොමැත.

  • මුත්‍රා පරීක්ෂනයෙන් ගැබ් ගැනීම වැරදි විදිහට පෙන්නන්න පුලුවන්ද ?

 

මේ තත්ත්වය ඉතාම කලාතුරකින් ඇතිවිය හැකියි. මෙහිදී පරීක්ෂනයෙන් ඔබ ගැබ් ගෙන ඇත්දැයි දැන්වුවත් ඇත්තටම ඔබ ගැබ් ගෙන නැත. මෙම තත්ත්වයක්  ඇතිවන අවස්ථා කිහිපයක් මා විස්තර කර දෙන්නම්.  ඔබේ  ගර්භාෂයේ තැන්පත් වූ කලලය විනාශ වී ගිය විට හෝ ගර්භාෂයෙන් පිටත සිදුවන ගැබ් ගැනීමකදී (ectopic pregnacy) හෝ  ඔසප් චක්‍රය නැවතුන විට ඩිම්බකෝෂවල ඇතිවන ගැටලුවකදී මෙසේ සිදුවිය හැකියි.

මාසික ඔසප් වීම නැවතීමට කලින්  ගැබ් ගෙන ඇත්දැයි දැන ගන්න බැරිද ?

 

මාසික ඔසප් වීම නැවතීමට  කලින් පවා ගැබ්ගෙන දැයි දැනගැනීමට රුධිරයේ එච්. සී. ජී හෝමෝන පරීක්ෂාව සිදුකිරීමෙන් දැනගත හැකියි.  ලිංගිකව එක් වී ඩිම්බයක් සංසේචනය වූ දින සිට දවස් 7ක් යනවිට ගැබ්ගෙනදැයි දැනගත හැක.  එනම් මාස් ශුද්දිය නැවතීමට සති සතියකටත් කලින්  ඒ බව දැනගත හැක. ඔබගේ රුධිරයේ එච්. සී. ජී. හෝමෝන සාන්ද්‍රණය ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුළ වැඩි වන නිසා  ඩිම්බය ශුක්‍රාණුවක් සමග සංසේචනය වී සතියකට පසු පරීක්ෂණය සිදුකිරීමෙන් නිවැරදිව ගැබ් ගෙන ඇත්දැයි දැනගත හැක. එයට හේතුව නම් කාන්තාවකගේ හෝමෝන මට්ටම විවිධාකාර විදිහට  කාන්තාවගෙන් කාන්තාවට, දිනෙන් දින, සහ ගැබෙන් ගැබට වෙනස් වීමට පුළුවන් නිසයි. සාමාන්‍යයෙන් රුධිරයේ එච්. සී. ජී. හෝමෝන සාන්ද්‍රනය 5 mIU/mL පමණ වන අතර එය 25 mIU/mL ට වඩා වැඩි නම් ගැබ් ගැනීමක් ලෙස නම් කරයි.  එම නිසා එච්. සී. ජී. හෝමෝන මට්ටම 6 mIU/mL සහ 24 mIU/mL  අතර පවතින විට ප්‍රතිඵල අවිනිශ්චිත වේ.

කෙසේ වෙතත් මිල අධික රුධිර පරීක්ෂණයක් සිදු කිරීම සාමාන්‍යයෙන් අවශ්‍ය නොවන අතර මුත්‍රා පරීක්ෂණය සිදුකිරීමෙන් සාර්ථකව ඔබ ගැන ගැබ්ගෙනදැයි දැනගත හැක. එහෙත් ඉතා ඉක්මනින් ගැබ් ගෙන ඇත්දැයි දැන ගැනීම ඔබගේ මානසික සහනයට අවශ්‍ය නම්  ඉහත සඳහන් රුධිරයේ ඇති එච්. සී. ජී. හෝමෝන පරීක්ෂණය සිදු කිරීමට පුළුවන.

  • පරීක්ෂණයෙන් ගැබ්ගෙන නැතැයි පැවසුවත් කාන්තාවක් ගැබ් ගෙන සිටිය හැකිද?

    කලින් පැවසූ අයුරින් ඔබ මුත්‍රා පරීක්ෂණය තරමක් කලින් සිදුකරන පිට මුත්‍රාවල ඇති එච්. සී. ජී. හෝමෝන ප්‍රමාණය පරීක්ෂනයෙන් සොයා ගැනීමට තරම් නොතිබිය හැකියි.  එවිට නැවතත්  දින  කිහිපයකට පසු  මුත්‍රා පරීක්ෂණය සිදු කිරීමෙන්  නිවැරදි බව තහවුරු කරගත හැකියි.

    පරීක්ෂණය ඔබ නිවසේ දී සිදුකරන විට නිවැරදි උපදෙස් කියවා සිදු නොකළහොත් නිවැරදි ප්‍රතිඵල නොලැබේ.  එම නිසා පරීක්ෂණය නිවැරදිව  ඔබ මිලදීගත් පරීක්ෂණ පටියේ සඳහන් උපදෙස් අනුව සිදු කිරීම වැදගත්.

    සාන්ද්‍ර නොවූ නොවූ මුත්‍රා සාම්පලයක් ලබා ගැනීමෙන් පරීක්ෂණ ප්‍රතිඵල සාර්ථක නොවිමට පුළුවන්.  එමනිසා උදෑසන පළමුවෙන් ලබාගන්නා මුත්‍රා සාම්පලයක් පරීක්ෂණය සඳහා යොදාගන්න.

මුත්‍රා පරීක්ෂණ වාර්තා දිගින් දිගටම ගැබ් ගෙන නැතැයි පැවසූවත් ඔසප් වීම සිදු නොවන්නේ ඇයි ?

 

මෙය විවිධ හේතු නිසා සිදුවිය හැකිය.  ඔබේ වයස අවුරුදු 45 ත් 50 ත් අතර නම් ඔබේ ඔසප්  චක්‍රය නැවතී වන්නට පුළුවන.  තවත් හේතු ලෙස තයිරොයිඩ් ග්‍රන්ථියේ රෝග වලදී,  සිරුර සිරුරේ බර ගොඩාක් අඩු  නම්,  අධික තරබාරු බව, මානසික ආතතිය  සහ සහ ඩිම්බ කෝෂවල ඇතිවන රෝගී තත්වයන් හැඳින්විය හැක.  මෙම අවස්ථාවේ දී ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.

ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට ඇඟට දැනෙන්නේ කොපමණ කාලෙකට පසු ද?

 

මාස්ශුද්ධිය සාමාන්‍ය දිනට සිදු නොවූ විට ගැබ් ගෙන දැයි සැකයක් කාන්තාවක් තුළ ඇතිවිය හැකියි.  කෙසේ වෙතත් ඇඟට වෙනසක් දැනීමට නම් තවත් සති  දෙකක්හ හෝ හතරක්  වැනි කාලයක් ගතවෙයි.

1. මාසික ඔසප් වීම නැවතී තිබුණත් කුඩා ලේ බිංදුවක් යෝනි මාර්ගයෙන් පිට වීම (spotting ) ගැබ්ගෙන ඇති කාන්තාවකගේ ඇතැම්විට දක්නට ලැබේ.  එහෙත් මෙය සිදු වන්නේ සාමාන්‍යයෙන්  මාස්ශුද්ධිය සිදු වන දිනයට නොවේ. බොහෝවිට අන්තිමට මාස්ශුද්ධිය සිදු වූ දින සිට සති දෙකකට පසුව මෙසේ සිදුවේ.  මෙය සිදුවන්නේ සංසේචනය වූ ඩිම්බය කලලයක්  වී ගර්භාෂයේ තැන්පත් වන විටයි.  එහිදී ගර්භාෂ බිත්තියට  කලලය සම්බන්ධ වන  විට කුඩා රුධිර  බිඳුවක් පිටවේ.

2. මුලින්ම පියයුරු වල වේදනාව සහ පියයුරු අල්ලන විට වේදනාව ඇතිවිය හැකියි. එමෙන්ම පියයුරු පිරුණු ගතියක් දැනෙනු ඇත

3. ඇඟට අප්‍රාණික භාවයක් සහ වමනෙට එන ගතියක් දැනෙනු ඇත

4. නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවීමද දැකිය හැකියි.

5. ඉතා ඉක්මනින් වෙනස් වන හැසිරීම් රටාවක් (mood swings) දක්නට ලැබේ.  මෙහිදී ඇතැම්විට සතුටින් සිට එම මොහොතේම ඉතා තරහ යන ගතියක් ඇතිවිය හැකිය.

6. තවද ඇතැම් ආහාර වර්ග වලට ඉතා දැඩි ආශාවක් ද ඇතැම් ආහාර ප්‍රතික්ෂේප කරන ගතියක් ද ඇති වීම ගර්භනී කාලය පුරාවටම දැකිය හැකිය.

7. ඇඟට අපහසුතාවක් සහ නින්ද අඩු කමක් ද ඇතිවීමට පුළුවන්. මෙය සිදුවන්නේ සිරුරේ ප්‍රොජෙස්ටරෝන්  (Progesterone) හෝමෝනය වැඩි වීම නිසයි.

8. දත් මැදීමේදී විදුරු මස්වලින් තරමක ලේ ගැලීමක් ඇතිවිය හැකියි.  ඉතා සෙමින් දත් මැදීමේදී පවා මෙය ඇතිවිය හැකිය.

9. නාසය අවහිර වී සොටු දියර ගැලීමක් ඇතිවිය හැකිය.  මෙය සිදුවන්නේ ද  සිරුරේ හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසාය.

10. සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වය ඩිම්බ මෝචනය වන අවස්ථාවේදී වැඩි අගයක් ගනී.  බොහෝ විට  යුවතිපතීන් ලිංගිකව එක්වීමේදී කාන්තාවගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීමෙන් දරු ගැබක් ඇති කර ගැනීමට දෙදෙනා එකතු වීමට සුදුසු  හොඳම කාලය සොයාගත හැකියි.  කෙසේ වෙතත් ඩිම්බ මෝචනය වූ පසුවත් සති දෙකක් පමණ වන තෙක් ශරීර උෂ්ණත්වය වැඩි අගයක පවතී නම් නිසැකවම ගැබ්ගෙන ඇති බව සොයාගත හැකියි.

11. ලිංගිකව එක්වීමට ඇති ආශාව අඩුවීම ද එක් ලක්ෂණයක් ලෙස ගැබ් ගත් කාන්තාවන්ගේ දක්නට හැකිය.

12. සිරුරේ බඩ මැද සිරස්ව විහිදෙන අවපැහැ ගැන්වූ ඉරක් දැකිය හැකිය.  මෙය දෙවැනි වර ගැබ් ගත් කාන්තාවන්ගේ පැහැදිලිව දැකිය හැකිය.

13. බොහෝවිට තරුණ වයසේදී මුහුණේ ඇතිවන කුරුලෑ නැවත වතාවක් ගර්භනී සමයේ දී  ද ඇතිවේ.  තෙල් සහිත දිලිසෙන සමක් මුහුනෙ ඇති වේ. කෙසේ වෙතත් සිරුරේ අනිත් තැන්වල සම වියළි ස්වභාවයක් ගනු ඇත.

  • ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණය ඉවහල් වන්නේ කෙසේද ?

    බොහෝ විට මාස් ශුද්දිය පමා වූ විගසම ගැබ් ගැනීමට හැකි වයසේ පසුවන බොහෝ දෙනෙක් අප වෙත එන්නේ ස්කෑන් පරීක්ෂණයක් සිදුකර ගැබ් ගැනීම සිදු වූවාදැයි දැකබලා ගැනීමටයි. එහෙත් ස්කෑන් පරීක්ෂණයකින් දරු ගැබක් බලා ගැනීමට මාස් ශුද්ධිය සිදු වී වැඩි දින ගණනක් බලා සිටීමට සිදු වේ.

    මෙය පහත් ආකාරයට මම ඔබට පැහැදිලි කරන්නම්.  මේ සඳහා යොදා ගන්නා ස්කෑන් පරීක්ෂණ වර්ග දෙකකට වෙන් කළ හැකිය.  එනම් යෝනි මාර්ගය හරහා සිදුකරනු ලබන ස්කෑන් පරීක්ෂණයක දී  (transvaginal ultrasound scan) මගීන් කලලයක් ඇත්දැයි දැනගැනීමට රුධිරයේ එච්. සී. ජී මට්ටම 1000 – 1500mIU/mL  ට වඩා වැඩි විය යුතු අතර බාහිරව සිදුකරන සිදු කරනු ලබන ස්කෑන් පරීක්ෂණයක දී (transabdominal ultrasound scan) එසේ කලලයක් ඇත්දැයි දැනගැනීමට  එච්. සී. ජී මට්ටම 6000 – 6500 mIU/mL ට වඩා ඉහළ අගයක් ගත යුතුය.  නමුත් එච්. සී. ජී මට්ටම 25 ට වඩා වැඩි වූ විට මුත්‍රා හා රුධිර පරීක්ෂණ මගින් වැඩි ඉක්මනින් අඩු කාල පරාසයක් තුල ගැබ් ගෙන ඇත්දැයි සොයාගත හැකි වෙයි.  කෙසේ වෙතත් ස්කෑන් පරීක්ෂණයක් වැදගත් වන්නේ එමගින් ගැබ් ගත්  කළලය පිහිටා ඇත්තේ ගර්භාෂය තුළ ද ඉන් පිටත දැයි දැකගත හැකි අතරම  කලලයේ නිරෝගීභාවය පිළිබඳව නිගමනයකට  ද පැමිණිය හැකිවේ.

ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයෙකු  හමු විය යුත්තේ කවදාද ?

ඔබ ගැබ් ගෙන දැයි සැකයක් ඇතිනම් ෆාමසියකින් මුත්‍රා පරීක්ෂණ පටියක් (Pregnancy test strip) මිලදීගෙන මුත්‍රා පරීක්ෂණය සිදු කළ හැකියි. කලලයට සති අටක් පමණ ගතවූ පසු  ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයකු හමු විය හැකියි.  කෙසේ වෙතත් ඔබගේ පසු ගිය  දරු ප්‍රසූතියන් ගැටලුකාරී නම් වෛද්‍යවරයා හමුවීම ඉක්මනින්ම සිදුකළ යුතුයි.